මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ නව හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 600ක ආධාරයක් ලබාදී තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම ඊයේ (09) කොළඹදී ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් අත්සන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ද මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.
මෙම ආධාර වැඩසටහනට දෙමහල් හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ ලබා ගැනීම ඇතුළත් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)