10 September 2025

logo

සැප්තැම්බර් අස්වැසුම් දීමනාව ගැන විශේෂ දැනුම්දීමක්



2025 සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව අනිද්දා (12) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. 

එම මණ්ඩලය සඳහන් කළේ මෙලෙස රුපියල් 11,201,647,000.00ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,412,574ක් අතරේ බෙදා හැරීමට නියමිත බවයි. 

ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට සැප්තැම්බර් මස 12වනදා සිට තමාට හිමි අස්වැසුම දීමනාව සිය බැංකු ගිණුම මඟින් ලබාගත හැකි බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)