17 December 2024


ජනපතිගෙන් ඉන්දීය අගමැතිට සහතිකයක්



ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරත්වයට හානි වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට කිසිවෙක්ට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදීයි.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ව්‍යවස්ථා සංශෝධනයේදී දෙමළ ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි.

(colombotimes.lk)