10 April 2025


අමාත්‍ය නලින්දගෙන් සහතිකයක්



මින් ඉදිරියට ඖෂධ සැපයීමේ ක්‍රියාවලියට දේශපාලන වශයෙන් කිසිදු බලපෑමක් සිදු වීමට ඉඩ නොදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ලේ ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවති රැස්වීමක් අමතමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනතාවට උසස් සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව හිඟයකින් සහ ප්‍රමාදයකින් තොරව ඖෂධ සැපයීම සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි.

(colombotimes.lk)