18 April 2025


ට්‍රම්ප් පැනවූ තීරු බදුවලට දින 90ක විරාමයක්



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැනවූ තීරු බදු දින 90ක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා.

කෙසේ වෙතත් ඇමරිකාව චීනයට එරෙහි තීරු බද්ද 125%ක් දක්වා ඉහළ නංවා ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීන ආනයන සඳහා ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි ඇමරිකාව 104%ක තීරු බද්දක් පැනවීමට කටයුතු කළ බවයි.

ඊට ප්‍රතිචාර ලෙස ඇමරිකානු ආනයන සඳහා 84%ක තීරු බද්දක් පැනවීමට චීනය තීරණය කර තිබෙනවා.

චීනයේ එම තීරණයට පිළිතුරු ලෙස ඇමරිකාව යළිත් වරක් මෙලෙස තීරු බදු ප්‍රතිශතය ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)