බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භවීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ දින 02කින් සමන්විත අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බවයි.
අදාළ කොමිෂන් සභා වාර්තාව පසුගිය මාර්තු මස 14වනදා පාර්ලිමේන්තුවේ සභාගත කළා.
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් දෙවන දිනයේ විවාදය මැයි මාසය තුළ පැවැත්වීමට නියමිත බවයි.
එමෙන්ම අද දිනයේ මෙම විවාදයෙන් පසුව පාර්ලිමේන්තුව මැයි මස 08වනදා තෙක් කල් තැබීමටද නියමිතව තිබෙනවා.
(colombotimes.lk)