18 April 2025


රිය අනතුරුවලින් අහිමි වන ජීවිත ආරක්ෂා කර ගැනීමට රජයෙන් වැඩපිළිවෙළක්



මෙරට සිදුවන රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් ජනතාව සහ රියදුරන් දැනුම්වත් කිරීම උදෙසා ‘මාර්ග ආරක්‍ෂාව සහ රියදුරු පුහුණු කුසලතා වර්ධනය කිරීමේ ජාතික වැඩසටහන’ අද (09) මහාමාර්ග අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේදී ආරම්භ වී තිබෙනවා.

ඒ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන්.

මෙම වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව සංවිධාන කරන බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවට පොලිස් රථ වාහන කොට්ඨාශයේ නිලධාරීන්, අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීන් සහ රියදුරන් පිරිසක් එක්ව සිටියා.

(colombotimes.lk)