10වන පාර්ලිමේන්තුව සඳහා වන ශ්‍රී ලංකා - ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ තේරී පත් වී තිබෙනවා.
ඒ එම මිත්‍රත්ව සංගමය 10වන පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කිරීමේ රැස්වීම නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පැවති අවස්ථාවේදීයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි ශ්‍රී ලංකා - ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස තේරී පත් වී තිබෙනවා.
(colombotimes.lk)