02 August 2025

logo

ජනතාවගේ බැංකු තැන්පතු ගැන මහ බැංකු අධිපතිගෙන් සහතිකයක්



දේශීය ණය ප්‍රශස්ථකරණ ක්‍රියාවලියේ දී බැංකු පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීම සහ මහජනතාවගේ තැන්පතුවල ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා... 
 
“මහ බැංකුව විදියට අපගේ ප්‍රධාන අරමුණක් වන්නේ බැංකු පද්ධතියේ ස්ථායිතාවය පවත්වා ගැනීම. කුමනාකාරයේ හෝ දේශීය ණය ප්‍රශස්ථකරණයක දී බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගන්නා බවට අපි තහවුරු කරනවා. ඒ වගේම මහජන තැන්පතුවල ආරක්ෂාවත් අපි තහවුරු කරනවා.” ලෙසයි ඔහු සඳහන් කළේ.
(colombotimes.lk)