06 February 2026

logo

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්



ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු අනතුරු ඇතිවීමේ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ උතුර, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් මෙලෙස ප්‍රබල අකුණු අනතුරු ඇති විය හැකි බවයි.

එම ප්‍රදේශවල සිටින ජනාතාවට ඒ පිළිබදව අවධානයෙන් සිටින ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. 

එමෙන්ම උතුර, උතුරු මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමු පළාත්වලටත්, කුරුණෑගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකියි.

(colombotimes.lk)