15 November 2025

logo

දියවැඩියා රෝගය ගැන භයානක අනාවරණයක්



මෙරට ජනගහනයෙන් සෑම පස් දෙනෙක්ගෙන් එක් පුද්ගලයෙක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. 

සෞඛ්‍ය අංශය සඳහන් කළේ එය 23%ත් 30%ත් අතර ප්‍රතිශතයක් බවයි. 

දියවැඩියා රෝගීන්ගෙන් සෑම 3දෙනෙක්ගෙන් එක් පුද්ගලයෙක් අක්ෂි රෝගවලින් පෙළෙන බවද ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක ප්‍රකාශ කළා. 

සෞඛ්‍ය අංශ සඳහන් කළේ ඉන් වැඩි පිරිසක් වයස අවුරුදු 40ත් 50ත් අතර පුද්ගලයන් බවයි.

දියවැඩියා රෝගය සඳහා කඩිනිමින් ප්‍රතිකාර නොගතහොත් ඉන් 11%ක් අන්ධ භාවයට පත් විය හැකි බවද විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක සඳහන් කළා. 

මෙම දියවැඩියාව හේතුවෙන් ඇතිවන අක්ෂි රෝග ප්‍රතිකාර සඳහා වසරකට සෞඛ්‍ය අංශවලට දැරීමට සිදුවන වියදම රුපියල් මිලියන 923ක් බවයි සඳහන් වන්නේ. 

(colombotimes.lk)