20 January 2026

logo

ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර්වල පිපිරීමක්



ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර් හී නව්ගම් පොලිස් ස්ථානයේ ඊයේ (14) රාත්‍රියේ පිපිරීමක් සිදුවී තිබෙනවා. 

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම පොලිස් ස්ථානයේ ගබඩාකර තිබූ අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පරීක්ෂා කිරීමට යාමේදී මෙම පිපිරීම සිදුවී තිබෙන බවයි. 

විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙලෙස පුපුරාගොස් ඇති බවත් ඒ හේතුවෙන් පුද්ගලයන් 07දෙනෙක් මියගොස් තවත් 27ක් තුවාල ලබා තිබෙන බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)