07 December 2025

logo

බංගලාදේශයේ ඩකා අගනුවර ආරක්ෂාව තර කරයි



බංගලාදේශයේ ඩකා අගනුවර ආරක්ෂාව තර කර තිබෙනවා.

ඒ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ අවාමි ලීග් පක්ෂය රට පුරා විරෝධතා ආරම්භ කිරීමට සූදානම්වීමත් සමඟයි. 

2024 වසරේ අගෝස්තු මාසයේ 5වනදා අගමැතිනිය ඇතුළු රජයට එල්ල වූ ප්‍රභල මහජන විරෝධය හමුවේ ෂෙයික් හසීනා ධූරය අත්හැර ඉන්දියාවට පළා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

එම සිදුවීමෙන් අනතුරුව රටේ පාලනය නොබෙල් ත්‍යාගලාභී මොහොමඩ් යූනුස් ඇතුළු අන්තර්වාර පාලනයකට පැවරුණු අතර අවාමි ලීග් පක්ෂයද තහනම් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සිවිල් විරෝධතාකරුවන්ට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව ෂෙයික් හසීනාට එරෙහිව පැවරුණු නඩුවේ තීන්දුව එළඹෙන සඳුදා ලබාදීමට නියමිතයි. 

(colombotimes.lk)