නීති විරෝධීව උපයාගත් මුදලින් මහර, වරාහේන්ගොඩ ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 250ක ඉඩමක් මිලදී ගෙන ඇති පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින්.
කොළඹ 09 ආරාමය පාරේ පදිංචි 33 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ සැකකරුගේ නමින් මිලදී ගෙන ඇති ඉහත දේපළ, මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පණත ප්‍රකාරව දින 7ක් දක්වා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර තිබෙන බවයි.
(colombotimes.lk)
