15 November 2025

logo

ඇමරිකාවේ ආහාර කිහිපයකට පැනවූ තීරු බදු ඉවතට



හරක් මස්, කෝපි ඇතුළු ඇමරිකාවේ ආහාර වර්ග කිහිපයක් සඳහා පනවා තිබූ තීරුබදු ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත්කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට උද්ධමනය ඉහළ යාමත් සමඟ භාණ්ඩවල මිල අධික වීම හමුවේ ඇතිවූ ගැටලු හේතුවෙන් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙන බවයි. 

එලෙස තීරුබදු අඩු කළ ආහාර අතරට කෙසෙල් සහ තක්කාලි ද ඇතුළත්.

බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම බදු ඉවත් කිරීම බලාත්මක වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)