මේ දවස්වල අයිස් කියන්නේ හරිම ප්‍රසිද්ධ මාතෘකාවක්නේ. අයිස් කියන්නේ අපි චොක්ලට්, වැනිලා, ස්ට්‍රෝබෙරි වගේ එක එක රසවලින් කන අයිස් නෙමෙයි. ඒවා අයිස්ක්‍රීම්නේ. මේ කියන්නේ අයිස් මත්ද්‍රව්‍ය ගැන. ඉතින් අපි හිතුවා අද ඒ අයිස් ගැන කතා කරන්න.
අයිස් කියන්නේ මෙතඇම්ෆිටමින් (Methamphetamine) වලට. හැබැයි අපි හැමෝම දන්න නම් තමයි අයිස් කියන්නේ. ඒ නිසා අපි අයිස් කියලම කතා කරමු. ඇත්තටම අයිස් කියන්නේ අපිව, අපේ ඇඟ රවට්ටන දෙයක්. මේකෙන් වෙන්නේ අපිව උත්තේජනය කරන එක. අයිස් මත්ද්‍රව්‍ය පෙති, කුඩු සහ කැට විදිහට තමයි එන්නේ.
අයිස් හඳුන්වන වෙනත් නම්
- Crystal Meth
- Meth
- Tina
- Glass
- Shard
- Crank
- Chalk
- Crystal
- Speed
- Uppers
- Glass
- Christmas tree
- Shabu
මේ Shabu කියන නම පාවිච්චි කරන්නේ පිලිපීනය, ශ්‍රී ලංකාව වගේ ආසියාතික රටවල්වල.
අයිස් වැඩියෙන්ම භාවිතා කරන්නේ දුමක් විදිහට. ඒකට හේතුව තමයි දුමක් විදිහට ගන්නකොට ඇඟට ඉක්මනටම දැනෙනවා.
ඒ වගේම අයිස් එන්නත් කර ගැනීම සහ මුඛය හරහාද ගනු ලබනවා. මේ විදිවලට අයිස් භාවිතා කරනකොට ඒක සිරුරට දැනෙන්න විනාඩි 15 -30 අතර කාලයක් ගත වෙනවා.
අයිස් කුඩු විදිහට තියෙන ඒවා නාසය හරහා ගනු ලබනවා. ඒ විදිහට ගන්න එකෙන් විනාඩි 3 - 5ත් අතර කාලයක් තුලදී සංවේදනය වීම ආරම්භ වෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය ගැනීමෙන් පසු ඇතිවන ලක්ෂණ
- ආහාර රුචිය අඩු වෙනවා
- ශරීරය කිති කැවෙන ස්වභාවයක් දැනීම
- අධික ලෙස දහදිය දැමීම
- සතුටක් දැනීම
- මුඛය වියළි ස්වභාවයක් ගැනීම
- ලිංගික ආශාව ඉහළ යාම
- ආත්ම විශ්වාසය වැඩි වීම
- දත්මිටි කෑම
- හෘද ස්පන්දනය ඉහළ යාම
- ඇසේ කණීනිකාව විශාල වීම
- හුස්ම ගැනීම වේගවත් වීම
- ආක්‍රමණශීලි හැසිරීම
අයිස් අධිමාත්‍රාවක් ගැනීමෙන් ඇතිවන සංකූලතා
- ආඝාතය
- හෘදයාබාධ ඇති වීම
- හෘද ස්පන්දනය ඉහළ යාම
- අවේගශීලි වීම
- හදිසියේ ඇතිවන හිසේ කැක්කුම
- නොසන්සුන් භාවය
- පපුවේ වේදනාව
- හුස්ම ගැනීමේ අපහසුව
- ක්ලාන්තය ඇති වීම
- මරණය
- ශරීරය තදින් ගැස්සීම
- ව්‍යාකූල ස්වභාවය
දිගු කලයක අයිස් භාවිතා කිරීමෙන් ශරීරයට සිදුවන බලාපෑම
- කාංසාව
- ශරීරයේ බර අඩු වීම
- දිනපතා උණ ඇතිවීම
- විශාදය සහ විවිධ මානසික රෝග ඇතිවීම
- හදවත් රෝග ඇති වීම
- හුස්ම ගැනීමේ අපහසුව
- ආහාර රුචිය අඩු වීම
- වකුගඩු රෝග ඇති වීම
- ආඝාත අවදානම
- හොඳ නින්දක් නොලැබීම
- දත් සම්බන්ධ ගැටළු
- නිතර ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව
ඉතින් අයිස් කියන්නේ ඔබේ ජීවිතය, ආර්ථිකය, සෞඛ්‍ය, රැකියාව, අධ්‍යාපනය මේ හැමදේම විනාශ කරන මාරයෙක්. ඒ නිසා ඔබ හෝ ඔබ දන්න කෙනෙක් අයිස්වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඒක නතර කරන්න උත්සාහ කරන්න. ඒක තමන්ටම කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා මේ පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති අයෙක් හෝ වෛද්‍යවරයෙක් හරහා ඔබට අවශ්‍ය උපදෙස් ලබාගන්න.
ජීවිතයේ කිසිම වෙලාවක අයිස් තෝරගන්න එපා. ජීවිතය තෝරගන්න. මොකද අයිස් ඔබේ සියලුම දේ උඳුර ගන්න නිසා. අයිස් කියන්නේ සතුටක් කියලා හිතුවට ඒක සතුටක් නෙමෙයි, විනාශයක් කියලා මතක තියාගන්න.
(colombotimes.lk)