15 January 2025


කුඩා පරිමාණ සහල් මෝල් 160ක් ස්ථාපිත කිරීමට තීරණයක්



කුඩා පරිමාණයේ සහල් මෝල් 160ක් ස්ථාපිත කිරීමට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන සඳහන් කළේ දැනටමත් එම සහල් මෝල් දිවයිනට ගෙන්වා ඇති බවයි.

එම එක් සහල් මෝලකින් දෛනිකව සහල් කිලෝග්‍රෑම් 5000ක් නිෂ්පාදනය කිරීමට හැකියාව පවතිනවා.

එමෙන්ම මෙම සහල් මෝල් ක්‍රියාකාරි කාන්තා සංවිධානවලට ලබාදීමට නියමිතයි.

ඉන් අනතුරුව ඔවුන් විසින් ඒවායේ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන අතර කාන්තා ව්‍යවසායකයන් නගා සිටුවීමටද මෙමගින් අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

(colombotimes.lk)