චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීම සිදු කර තිබෙනවා. ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළිඟා කෞතුකාගාරය නැරඹීමටද එක්ව තිබෙන බවයි වාර්තා වන්නේ. ඉන් අනතුරුව මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ සභාපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා බුහුමන් දක්වා තිබෙනවා. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන පිරිසද මෙම අවස්ථාවන්ට එක්ව තිබෙනවා. (colombotimes.lk)