උතුරේ ධීවර නියෝජිතයන් සහ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ උතුරේ පවතින ධීවර ගැටලුව සම්බන්ධයෙන්.
ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පසුගියදා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී පවතින ධීවර ගැටලු සම්බන්ධයෙන් ඔහු තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාව දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා උතුරේ ධීවර සංගම් නියෝජිතයන් 7දෙනෙක් එක් වීමට නියමිතයි.
(colombotimes.lk)