15 January 2025


ගල්ඔය බැම්ම කැඩීයාමේ අවදානම තවදුරටත්



ගල් ඔය ගං ඉවුර කඩා වැටීමේ අවදානම හේතුවෙන් මේ වන විට පවුල් 44ක පුද්ගලයන් 135 දෙනෙක් එම ප්‍රදේශයෙන් ඉවත් කර තිබෙනවා.

එලෙස අම්පාර සුදුවැල්ල ගම්මානයේ පදිංචිකරුවන් පිරිසක් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ පවතින අධික වර්ෂාව හේතුවෙන් ගල්ඔය ගං ඉවුර කඩා වැටීමේ අවධානම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

(colombotimes.lk)