09 May 2025


පුටින්ට ඩ්‍රෝන ප්‍රහාරයක්



රුසියානු ජනාධිපති පුටින් ඝාතනය කිරීමේ අරමුණෙන් ක්‍රෙම්ලින් මන්දිරය ආසන්නයටම පැමිණ තිබූ ප්‍රහාරක ඩ්‍රෝන යානා දෙකක් බිම හෙළීමට රුසියාව සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

රුසියානු බලධාරීන් පවසන්නේ විද්‍යුත් රේඩාර් පද්ධතිය උපයෝගී කරගනිමින් එම යානා බිම හෙලූ බවයි. 
 
එසේම සිද්ධිය වන අවස්ථාවේ රුසියානු ජනාධිපති පුටින් ක්‍රෙම්ලිනය තුළ සිට නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා. 
 
මේ අතර අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව යුක්‍රේනය වෙත සෘජුවම චෝදනා එල්ලකරණ අතර සිද්ධිය සම්බන්ධයෙන් යුක්‍රේනය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.
(colombotimes.lk)