පාර්ලිමේන්තු සංකීර්ණයේ තුන්වන මහලේ වායු සමීකරණ යන්ත්රයක අද (04) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය එම ගින්න කඩිනමින් නිවා දැමීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය දිනවල අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදයක් අද පස්වරු 5.30 සිට 9.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)