10 June 2026

logo

සංවිධානාත්මක අපරාධ කල්ලියක 10ක් කොටුවෙයි



ජීව අත්බෝම්බයක්, අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් ඇතුළු සැකකරුවන් 10දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්. 

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගල්කිස්ස, දෙහිවල හා අඟුලාන ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ අපරාධ මෙහෙයුමක් සිදු කර තිබෙනවා.

එහිදී එම සැකකරුවන් 10දෙනා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)