10 June 2026

logo

දුම්රිය නියාමක වර්ජනය අත්හිටුවයි



දුම්රිය නියාමක සංගමය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සංකේත දුම්රිය වර්ජනය අත්හිටුවා තිබෙනවා.

ඒ එම සංගමයේ නියෝජිතයන් සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවකදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පැය 48 ඇතුළත පරීක්ෂණයක් පවත්වා තීරණයක් ලබාදෙන බවට එකඟතාවයකට පැමිණීම හේතුවෙන්.

එමෙන්ම අද (10) මගී දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර මගී ජනතාවට කිසිදු බාධාවකින් තොරව ගමන් කිරීමට හැකි බව දුම්රිය නියාමක සංගමය ප්‍රකාශ කළා. 

කෙසේවෙතත් එම සංගමය භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවන කටයුතුවලින් පමණක් ඉවත් වීමට තීරණය කර තිබෙන බවයි වර්තා වන්නේ. 

(colombotimes.lk)