10 June 2026

logo

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට සිදු වූ දේ



ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (10) සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 88.52ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 91.84ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේවෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 88.24 දක්වා පහළ ගොස් තිබෙන බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)