ඇමරිකාවට ආරක්ෂිතව සිටීමට අවශ්‍ය නම් ඔවුන් ඉරාන කලාපයෙන් ඉවත්විය යුතු බවට අනතුරු අඟවමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි X පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
ඒ අද (10) අලුයම ඇමරිකාව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින්.
ඇමරිකාව යුද පිටියේදී පරාජය වී තිබියදී පවා තවදුරටත් ඉරානයේ අධිෂ්ඨානය පරීක්ෂා කිරීමට තීරණය කර ඇති බවත් ඉරානයේ ප්‍රබල සන්නද්ධ බලකායන් ඕනෑම සතුරු ප්‍රහාරයකට හෝ තර්ජනයකට ප්‍රතිචාර දක්වන බවත් ඉරාන විදේශ අමාත්‍යවරයාගේ පණිවුඩයේ සඳහන් වනවා.
(colombotimes.lk)
