10 June 2026

logo

ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයටත් ජල කප්පාදුවක්



ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට අද (10) පැය 14ක කාලයක් ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ වක්වැල්ල ජල පවිත්‍රාගාරය ආශ්‍රිතව සිදු කිරීමට නියමිත අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ එමනිසා අද පෙරවරු 9.00 සිට එදින රාත්‍රී 11.00 දක්වා මෙම ජල කප්පාදුව සිදු කරන බවයි. 

(colombotimes.lk)