පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ අද (08) හටගත් භූ කම්පනයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පනයෙන් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් පස්දෙනෙක් තුවාල ලබා තිබෙන බවයි.
මෙම භූ කම්පනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් සිදු වී ඇති බව පිලිපීන භූ විද්‍යා ආයතනය සඳහන් කළා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පසු කම්පන 138ක් වාර්තා වී තබෙන අතර පිලිපීනය ඉන්දුනීසියාව සහ ජපානය ඇතුළු රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙන බවයි.
(colombotimes.lk)
