දකුණු කොරියාවේ මීළඟ අග්‍රාමාත්‍ය ලෙස එරට සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසාය පිළිබඳ අමාත්‍යවරිය වන හන් සන්ග් - සුක් නම් කිරීමට ජනාධිපති ලී ජේ මියුන්ග් පියවර ගෙන තිබෙනවා.
ඒ බව අද (07) එරට ජනාධිපති කාර්යාලය විසින් නිවේදනය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පත්කිරීම සඳහා එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුවහොත් ඇය දකුණු කොරියානු ඉතිහාසයේ වසර 20කට පසු අග්‍රමාත්‍ය ධූරයට පත්වන පළමු කාන්තාව බවට පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
(colombotimes.lk)
