13 May 2025


ලබන 19වනදා සිට විශේෂ සතියක් ප්‍රකාශයට පත්කරයි



ලබන 19වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් පවතින බවයි.

මෙරටින් ඊයේ (12) දිනය වන විට ඩෙංගු රෝගීන් 19,724දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් වැඩිම පිරිසක් හමුවී තිබෙන්නේ බස්නාහිර පළාතෙන් බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)