උතුරු පළාතේ සියලු ප්‍රාදේශීය රෝහල් පස් අවුරුදු සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක සිදු කළ විශේෂ නිරීක්ෂණ චාරිකාව අතරතුරදීයි.
එලෙස රෝහල් සංවර්ධනය කිරීම මඟින් එම පළාතේ වෙසෙන ග්‍රාමීය ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.