13 December 2025

logo

මාර්ග ආරක්ෂාවට අදාළ නීති ගැන ඇමති බිමල්ගෙන් ප්‍රකාශයක්



මගී ආරක්ෂාව සහ රථ වාහන විනය පිළිබඳව පවතින නීති ක්‍රියාත්මක කිරීමේදී පවතින බාධා නොසලකා නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඔහු කියා සිටියේ  කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ ඛේදවාචකය සහ මෑත කාලීනව සිදු වූ රිය අනතුරු ගැන අවධානය යොමු කරන විට මගී ආරක්ෂාව සහ රථ වාහන විනය සම්බන්ධයෙන් බරපතළ සාකච්ඡාවක් සමාජය තුළ මතුව ඇති බවයි.

එහිදී ඇතැම් ගැටලුකාරී තත්ත්වයන් හා බාධාවන් මතු වන බවත් එම බාධා නොසලකා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

 
(colombotimes.lk)