ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වාහන නොදුන් බව කියා සිටියත් කිහිපදෙනෙක් රජයේ වාහන භාවිතා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ කළා.
ඒ අද (23) පාර්ලිමේන්තුවේදී වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ලබාදුන් වාහන සංඛ්‍යාව පිළිබඳ ප්‍රශ්නයක් යොමු කළ අතර එයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලබාදුන් පිළිතුරට ප්‍රතිචාර දක්වමින්.
අදාළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ 10 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමක් සිදු නොකළ බවයි.
එහෙත් විශේෂ අවශ්‍යතාවයක් ලෙස සලකා පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වාට KR - 5844 යන අංකය දරණ මෝටර් රථය ජනාධිපති කාර්යාලය මඟින් ලබාදුන් බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා.
ඇය වැඩිදුරටත් කියා සිටියේ එම වාහනය සඳහා රියදුරෙක් සහ ඉන්ධන ලබාදීමක් ද සිදුකර නොමැති බවයි.
එම සැප වහනය මාදිවෙල තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
(colombotimes.lk)