23 January 2025


විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ජනපති අතර හමුවක්



විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ජාවක් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ඒ, අද පස්වරු 3.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

දැනට ක්‍රියාත්මක බදු සංශෝධන ඇතුළු තමන්ට බලපාන වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් මෙන්ම විශ්වවිද්‍යාලවල ද ගැටලු මතු ව ඇති බව සඳහන්.

ඒ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කරනවා.
(colombotimes.lk)