විෂය නිර්දේශ මෙන්ම විභාග ක්රමයන්ද ඇතුළත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2026 වසරේ සිට ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
ඒ අද (23) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීයි.
ඇය කියා සිටියේ පසුගිය රජය විසින් ඉදිරිපත් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල යෝජනාවල සාධනීය වෙනස්කම් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඒ තුළින් සිසුන්ට වඩාත් යෝග්‍යවන අයුරින් පවතින අධ්‍යාපන ක්‍රමය පරිවර්තනයකට ලක්කරන බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.
අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත්තේ අධ්‍යාපනයේ ඇති තරගකාරීත්වය අවම කිරීමේ අරමුණින් 2026 සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට යෝජනා කරන අතර විභාග ක්‍රමය හා විෂයමාලා සංශෝධනය කිරීමටද පියවර ගෙන ඇති බවයි.
මේ අතර සෞන්දර්යය, තොරතුරු තාක්ෂණය හා ගිණුම්කරණය වැනි විෂයන්වල අන්තර්ගතයන් වඩාත් යෝග්‍ය පරිදි වෙනස් කිරීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරිය කියා සිටියා.
(colombotimes.lk)