ශ්‍රී ලංකාවේ වෙසෙන ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් අද (19) පවත්වා තිබෙනවා.
ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීයි.
ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරගෙන යන දූරදර්ශී ආර්ථික ක්‍රියාදාමය අගය කළ තානාපතිවරයා ජාත්‍යන්තර කටයුතුවලදී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට ප්‍රංශ රජය ඉතා කැමැත්තෙන් සිටින බවද දන්වා තිබෙනවා.
මෙහිදී අමාත්‍ය විජිත හේරත් ප්‍රංශ තානාපතිවරයා හමුවේ පවසා ඇත්තේ දෙරට අතර ඇති ද්විපාර්ශවික ණය ගිවිසුම ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්ය ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය බවයි.
එහිදී දෙපාර්ශවයටම වාසිදායක වන අයුරින් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රංශ රජය කැමැත්තෙන් සිටින බවද ප්‍රංශ තානාපතිවරයා අමාත්‍යවරයා හමුවේ පවසා තිබෙනවා.
(colombotimes.lk)