19 May 2025


මිලාන් ජයතිලකට අධිකරණයෙන් දුන් තීන්දුව



අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඒ අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඉඩම්වලට අදාළ පිඹුරු අනුමත කිරීමේදී රජයට රුපියල් ලක්ෂ 3කට අධික මුදලක් පාඩු කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.


(colombotimes.lk)