19 April 2025


යළිත් වසංගතයක් හිස ඔසවයි



කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් පැතිර යමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය වසරේ දී ආරම්භ වූ මෙම වසංගතයෙන් මේ වන විට රෝගීන් 74ක් හමු වූ බවයි.
 
ඉන් පුද්ගලයන් 34දෙනෙක්ම මියගොස් තිබෙනවා.

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනා ඇති එරට නැගෙනහිර ටොලිමෝ පළාතට මෙම අවදානම් තත්ත්වය උද්ගත වී තිබෙන බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට රජය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

(colombotimes.lk)