19 April 2025


වතුකරයේ ජනතාවගේ ආදායම ඉහළ නැංවීමට ව්‍යාපෘතියක්



වතුකරයේ ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ දැමීමට නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව ජනපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ අද (19) තලවකැලේ නගර සභා ක්‍රීඩාංගණයේ පැවති ප්‍රචාරක රැස්වීමක් අමතමින්.

ගමේ සංර්වධනය සිදු කිරිමට අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)