19 April 2025


ජාතිවාදී දේශපාලනයකට ඉඩ නොතබන බව ජනපති කියයි



ජාතිවාදය පරාජය කිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති සකස් කර හෝ මෙරට තුළ ජාතිවාදී දේශපාලනයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ තලවකැලේ පැවති ජන හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන බවත් සෑම කෙනෙක්ටම තමන් කැමති දේශපාලනයක නිරතවීමේ අයිතියට ගරු කරන බවයි.

වත්මන් ආණ්ඩුව ගොඩනගනු ලැබුවේ උතුරු නැගෙනහිර, කඳුරට, දකුණ ඇතුළු සියලු ජනතාවගේ සහභාගීත්වයෙන් බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ වත්මන් දරු පරපුරට යළි යුද නොකරන රටක් ගොඩනැගීම සඳහා කටයුතු කරන බවයි.

(colombotimes.lk)