19 February 2026

logo

යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට



පුස්සැල්ලාව දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ ගම්පොළ - මහනුවර මාර්ගයේ කිරින්ද ප්‍රදේශයේදීයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

එලෙස මියගොස් ඇත්තේ නුවර පාර, ගම්පොළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ක තරුණයෙක්.

(colombotimes.lk)