19 April 2025


විදුලි සැර වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට



ට්‍රාන්ස්ෆෝමරයකට සම්බන්ධ විදුලි රැහැන් කැපීමට ගොස් විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදුලි සැර වැදීමෙන් ඔහු සිටි තාප්පයෙන් බිමට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහුගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ගම්පහ රඹුටන්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක් වන පුද්ගලයෙක් එලෙස මියගොස් ඇති බවයි.


(colombotimes.lk)