ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (16) පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
එහිදී රජයේ ප්‍රමුඛ සංවර්ධන උපායමාර්ගයක් වන ඩිජිටල් ආර්ථික සංවර්ධනයට අදාළ මාර්ග සිතියම යටතේ සැලසුම් කරන ලද ප්‍රධාන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙම සාකච්ඡාවේදී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබාදෙන පොදු ඩිජිටල් යටිතල පහසුකම් සඳහා වූ විසඳුම් කඩිනම් කිරීම සහ විද්‍යුත් ජාතික හැඳුනුම්පත, GovPay රාජ්‍ය ගෙවීම් පද්ධතිය, ඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතිය හා ඩිජිටල් ආර්ථික ආදායම් ඉලක්ක සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි.
(colombotimes.lk)