26 December 2024


ලංකා විදුලි සේවක සංගමයෙන් ඉල්ලීමක්



ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් දෙසැම්බර් 10 වනදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි සේවක සංගමය විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ විදුලි බල මණ්ඩලය පාඩු ලබන බව පවසමින් හිටපු පාලනාධිකාරිය සේවකයන්ට වසර 02ක සිට ප්‍රසාද දීමනාව ලබාදීමට කටයුුතු නොකළ බවයි.

(colombotimes.lk)