19 April 2025


පොලීසියට වෙනම වැටුප් ව්‍යුහයක්



පොලීසියට අදාළව වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.

ඒ අද (10) පාර්ලිමේන්තුවේදී අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින්.

එමෙන්ම ඊට අදාළ කෙටුම්පතක් වැඩබලන පොලිස්පතිවරයා විසින් සකස් කර ඇති බවද ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර 2026 වසරේදී අයවැය යෝජනාවලට අදාළ වැටුප් ව්‍යුහය ඉදිරිපත් කිරීමට ඇති හැකියාව සොයා බලමින් සිටින බවයි.

(colombotimes.lk)