මේ වන විට රට තුළ පවතින පොල් අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරි සති 2ක ඇතුළත පොල් ගෙඩි ලක්ෂ 10ක් බෙදාහැරීමට රජය තීරණය කර තිබෙනවා.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ එක පොල් ගෙඩියක් රුපියල් 130ක මිලකට සතොස හරහා ලබාදීමට කටයුතු කරන බවයි.
අද (04) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ රජයට අයිති වතුවල තිබෙන පොල් නිෂ්පාදන මෙලෙස අඩු මිලට අලෙවි කිරීමට නියමිත බවයි.
(colombotimes.lk)