වැඩි කළ රාජ්‍ය සේවක වැටුප අද (10) ගෙවීමට නොහැකි වන ආයතනවලට හිඟ මුදල් ගෙවීම සඳහා අමතර දිනයක් ප්‍රකාශයට පත් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය නිලධාරීන්ගේ සංශෝධිත වැටුප අද ගෙවිය යුතු බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර විසින් නිකුත් කළ චක්‍රලේඛයේ එය සඳහන්.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ පිළිගත හැකි හේතුවක් මත වැඩි කළ වැටුප ගෙවීමට අපොහොසත් වන ආයතන විසින් කාර්ය මණ්ඩලයට දැනට හිමි වැටුප ගෙවිය යුතු බවත් නව වැටුප් පරිවර්තන කිරීමෙන් අනතුරුව වන අප්‍රේල් වැටුපෙහි හිඟ මුදල් ලබන 25වනදා ගෙවිය යුතු බවයි.
ඒ සම්බන්ධව නිකුත් කළ චක්‍රලේඛය පහතින්,
(colombotimes.lk)