මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක වෙනුවෙන් මාලදිවයින් ජනාධිපතිවරයා පිරිනමන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය ඊයේ (28) රාත්‍රියේ පවත්වා තිබෙනවා.
ඒ 'Kurumba Maldives' නිවාඩු නිකේතනයේදීයි.
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු සහ ජනපති ආර්යාව විසින් මෙම විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කර තිබෙනවා.
මේ අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු මෙරට දූත පිරිස සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)