29 May 2025


මන්ත්‍රී ආරක්ෂාව ගැන විශේෂ සාකච්ඡාවක්



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සමඟ පැවති විශේෂ හමුවකදී තමන්ගේ ආරක්ෂක ගැටලු ඉදිරිපත් කිරීමට සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදු කර තිබෙනවා. 

ඒ අනුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ඇමති ආරක්ෂක කොට්ඨාසය අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ. 

තමන්ට ආරක්ෂාව අවශ්‍ය බවට ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් සලකා බැලීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලයට යොමු කිරීමට කටයුතු කරන බව  වැඩබලන පොලිස්පතිවරයා එහිදී ප්‍රකාශ කළා.  

පාර්ලිමේන්තු සන්නිවේදන සංවර්ධන අංශය සඳහන් කළේ මේ අතර වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා අදහස් දක්වමින් තමන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීම සඳහා  පහසුකම් නොමැති නම් තම ආරක්ෂාව සලසා ගැනීම සඳහා ගිනිඅවි ලබාදෙන ලෙස මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාගැනීම සම්බන්ධයෙන් මතුව තිබෙන අවශ්‍යතාවය පිළිබඳ පැවති සාකච්ඡාවකදී කරුණු ඉදිරිපත් කළ බවයි. 

(colombotimes.lk)