31 May 2025


ඇමරිකාවේ ඉගෙනුම ලබන චීන සිසුන් ගැන විශේෂ තීරණයක්



ඇමරිකාවේ ඉගෙනුම ලබන චීන සිසුන් රැසකගේ වීසා අවලංගු කිරීමට ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සැලසුම් කර තිබෙනවා.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සඳහන් කළේ චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ සබඳතා ඇති හෝ තීරණාත්මක ක්ෂේත්‍රවල ඉගෙනුම ලබන චීන සිසුන් මෙලෙස වීසා කප්පාදුවට ලක්වන බවයි.

එමෙන්ම ඉදිරියේදී ඇමරිකානු ශිෂ්‍ය වීසා අයදුම් කරන චීන සහ හොංකොං සිසුන් සම්බන්ධව අනුගමනය කරන ක්‍රියාවලියද වැඩි පරික්ෂාවකට ලක් කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

 
(colombotimes.lk)